ඉරානය සමඟ පැවැත්වීමට නියමිත තීරණාත්මක සාම සාකච්ඡාවලට සුදුසු වටපිටාවක් සකස් කිරීම සඳහා ලෙබනනයට එල්ල කරන ප්‍රහාර සීමා කරන ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගෙන් ඉල්ලා තිබේ. ඊයේ (08) දින පැවති දුරකථන සංවාදයකදී ජනාධිපතිවරයා මෙම ඉල්ලීම සිදු කර ඇති අතර, ඊට ප්‍රතිචාර දක්වමින් ඊශ්‍රායලය “සහාය දක්වන හවුල්කරුවෙකු” ලෙස කටයුතු කිරීමට එකඟතාව පළ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ලෙබනනයට එරෙහි ප්‍රහාර අඛණ්ඩව සහ දැඩිව සිදු කරන බවට අග්‍රාමාත්‍ය නෙතන්යාහු මීට පෙර ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබුණද, සාම සාකච්ඡා සාර්ථක කර ගැනීම සඳහා ගුවන් ප්‍රහාරවල දැඩි බව අඩු කරන ලෙස අමෙරිකාව මෙහිදී අවධාරණය කර ඇත. ඉරාන-අමෙරිකානු සාකච්ඡා ආරම්භ වීමට නියමිතව ඇති මොහොතක, කලාපීය උණුසුම පාලනය කිරීම සඳහා මෙම ඉල්ලීම සිදු කර ඇති බව අමෙරිකානු පරිපාලනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ප්‍රකාශ කර තිබේ.














