පොලිස් පරීක්ෂකවරයෙකුගේ මවක් කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15 ක් සමඟ පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් අද (09) අත්අඩංගුවට ගනු ලැබීය. මොරගහහේන පොලිස් වසමේ කුඹුක ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරන බවට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකාරිය සිය පුත්‍රයා පොලිස් පරීක්ෂකවරයෙකු බව පවසා විරෝධය දක්වා ඇතත්, පොලිස් නිලධාරීන් විසින් සිදුකළ සෝදිසි කිරීමේදී ඇය සන්තකයේ තිබී මෙම මත්ද්‍රව්‍ය සොයාගෙන ඇත. පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.














