රණවිරු සුභසාධන ක්‍රියාවලියේ සුවිශේෂී පියවරක් ලෙස රජයේ මූල්‍ය ප්‍රතිපාදන යොදවමින් රණක්‍ෂිතයට පත් රණවිරුවන් දස දෙනෙකු වෙත නවීන විද්‍යුත් රෝද පුටු ප්‍රදානය කිරීමේ වැඩසටහනක් අද (09) පැවැත්විණි. රණවිරු සේවා අධිකාරියේ සභාපති බ්‍රිගේඩියර් එස්. බී. කොහොන (විශ්‍රාමික) මහතාගේ ප්‍රධානත්වයෙන් එම අධිකාරි පරිශ්‍රයේදී මෙම උත්සවය සංවිධානය කර තිබුණි.
මින් පෙර පෞද්ගලික පරිත්‍යාග මත සිදු කෙරුණු මෙවැනි වැඩසටහන් වෙනුවට රණවිරු සේවා අධිකාරියේ මැදිහත්වීමෙන් ප්‍රථම වතාවට රජයේ පූර්ණ මූල්‍ය දායකත්වය මත මෙම ප්‍රදානය සිදු කිරීම විශේෂත්වයකි. පූර්ණ ආබාධිත රණවිරුවන්ගේ දෛනික ජීවන කටයුතු පහසු කිරීම මෙහි අරමුණ වන අතර ඉදිරියේදී මෙවැනි සුභසාධන ව්‍යාපෘති තවදුරටත් පුළුල් කරන බව සභාපතිවරයා මෙහිදී අවධාරණය කළේය.














