මැදපෙරදිග සාම සාකච්ඡා පිළිබඳ ලෝකයේම අවධානය යොමුව පවතින මොහොතක, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අද අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළේය. “ලෙබනනය තුළ කිසිදු සටන් විරාමයක් නැත” යනුවෙන් ඔහු කළ මෙම ප්‍රකාශය, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලන සමය තුළ අමෙරිකානු බලපෑම සහ ඊශ්‍රායලයේ ස්වාධීන තීරණ ගැනීමේ බලය පිළිබඳව දැඩි ප්‍රශ්නාර්ථයක් මතු කර තිබේ.
පකිස්ථානයේදී පැවැත්වීමට නියමිත ඉරාන-අමෙරිකා සාම සාකච්ඡාවල ප්‍රධාන කොන්දේසියක් ලෙස ඉරානය “ලෙබනනය ඇතුළත් සැබෑ සටන් විරාමයක්” ඉල්ලා සිටියදී නෙතන්යාහු මෙවැනි ස්ථාවරයක සිටීම, රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ට්‍රම්ප් පරිපාලනයට එල්ල වූ ප්‍රබල පහරක් ලෙස දේශපාලන විශ්ලේෂකයෝ හඳුන්වති. සැබවින්ම ලෝකයේ බලය පාලනය කරන්නේ කවුරුන්ද යන්න (ට්‍රම්ප් හෝ නෙතන්යාහු) තේරුම් ගැනීමට මෙම තීරණාත්මක මොහොත කදිම නිදසුනක් වනු ඇති බවට විදෙස් මාධ්‍ය මත පළ කරයි.
පුටින් විසින් ට්‍රම්ප් පිළිබඳ කළ විවේචනය සහ ඉරාන විදේශ ඇමතිවරයාගේ අනතුරු ඇඟවීම් මධ්‍යයේ, නෙතන්යාහු සටන් විරාමය ප්‍රතික්ෂේප කිරීම මැදපෙරදිග යුද ගින්න තවදුරටත් ඇවිළවීමට සමත් වනු ඇත. ලෙබනනයේ විනාශය ගැන මියා කලීෆා වැනි අය හඬ නගද්දීත්, හෝමුස් සමුද්‍ර සන්ධිය ඉරානයේ පාලනයට නතුවෙමින් පවතිද්දීත්, ඊශ්‍රායලයේ මෙම දැඩි ස්ථාවරය අමෙරිකානු ආර්ථිකයට සහ ගෝලීය ආරක්ෂාවට කවර බලපෑමක් එල්ල කරනු ඇත්දැයි ලෝකයම අවධානයෙන් පසුවේ.
තොරතුරු උපුටා ගැනීම: mario nawfal(x) ඇසුරින්














