අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ නේටෝ (NATO) මහලේකම් මාර්ක් රූට් අතර ඊයේ පැවති හමුව අතිශය උණුසුම් මෙන්ම මතභේදාත්මක මුහුණුවරක් ගත් බව යුරෝපීය නිලධාරියෙකු උපුටා දක්වමින් POLITICO පුවත් සේවය වාර්තා කර තිබේ. මෙම සාකච්ඡාව හුදෙක් රාජ්‍යතාන්ත්‍රික හමුවකට වඩා ට්‍රම්ප් විසින් එල්ල කරන ලද “අපහාසාත්මක දෝෂාරෝපණ මාලාවක්” (tirade of insults) බඳු වූ බවත්, එහිදී ට්‍රම්ප් ඕනෑම තීරණාත්මක පියවරක් ගැනීමට සූදානම් බවට (threatened to do just about anything) තර්ජනාත්මක ස්වරූපයෙන් අදහස් දැක්වූ බවත් එම වාර්තාවල සඳහන් වේ.
මෙහි ඇති විශේෂත්වය වන්නේ අමෙරිකාව සිය යුරෝපීය මිත්‍ර පාර්ශ්වයන් සමඟ පූර්ව සාකච්ඡාවකින් තොරව ඉරානය සමඟ යුද්ධයට අවතීර්ණ වීම සහ දැන් එම යුද්ධයට සහාය නොදැක්වීම සම්බන්ධයෙන් නේටෝවට මෙලෙස දෝෂාරෝපණය කිරීමයි. අමෙරිකාව නේටෝ සංවිධානයෙන් ඉවත් වන බවට සෙනෙට් සභික මයික් ලී කළ ප්‍රකාශය සහ යුරෝපයෙන් හමුදා ඉවත් කරගැනීමේ ට්‍රම්ප්ගේ සැළසුම් හමුවේ, මෙම හමුවේ ඇති වූ නොසන්සුන්තාවය යුරෝපීය ආරක්ෂාව පිළිබඳ දැඩි අවිශ්වාසයක් මතු කර තිබේ.
කැනේඩියානු අගමැති මාර්ක් කාර්නි ලෙබනනයටත් සාමය අවශ්‍ය බව පවසද්දී සහ සෞදියේ “පෙට්‍රොලයින්” තෙල් නල මාර්ගයට ප්‍රහාර එල්ල වෙමින් පවතින පසුබිමක, අමෙරිකාව සහ නේටෝව අතර පවතින මෙම විරසකය ලෝක දේශපාලන බල තුලනය උඩුයටිකුරු කරන්නකි. පුටින් විසින් ට්‍රම්ප්ගේ බලය ප්‍රශ්න කර ඇති මොහොතක සහ මෙලනියා ට්‍රම්ප් අමෙරිකාව තුළ එප්ස්ටයින් සිද්ධිය ගැන හඬ නගද්දී, ට්‍රම්ප් පාලනය සිය පැරණි මිතුරන් සමඟ මෙලෙස ගැටුම්කාරී ලෙස හැසිරීම ජාත්‍යන්තර දේශපාලනයේ මීළඟ හැරවුම් ලක්ෂ්‍යය වනු ඇතැයි විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
තොරතුරු උපුටා ගැනීම: POLITICO ඇසුරින්














