ශ්‍රී ලංකා නාවික හමුදාව ඊයේ (09) රාත්‍රියේ මන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු සීමාව තුළ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, අනවසරයෙන් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවර යාත්‍රාවක් සමඟ ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. උතුරු නාවික විධානයට අනුයුක්ත යාත්‍රා මගින් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබේ.
අත්අඩංගුවට ගත් ධීවරයින් සහ යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමට නාවික හමුදාව පියවර ගෙන ඇත. මෙරට ධීවරයින්ගේ ජීවනෝපාය සහ සාගර සම්පත් සුරැකීම වෙනුවෙන් නාවික හමුදාව මෙලෙස නිරන්තරයෙන් මෙහෙයුම් ක්‍රියාත්මක කරයි.














