අද (10) පස්වරු 2.00 න් පසුව බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතිනු ඇත.
අද දින දහවල් 12:11 ට නගවිල්ලුව, ගල්ගමුව, සීගිරිය, පුලස්තිගම සහ මාන්කර්නි යන ප්‍රදේශවලට හිරු මුදුන් වනු ඇත. අප්‍රේල් 05 සිට 15 දක්වා හිරු උතුරට ගමන් කිරීමේදී ශ්‍රී ලංකාවට සෘජුවම ඉහළින් පවතින බැවින් දැඩි හිරු රශ්මියක් පවතිනු ඇත. ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.














