කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අතර ඊයේ (09) සවස ඇති වූ වාචික තර්කයක් දුරදිග ගොස් එය ගුටි බැට හුවමාරුවක් දක්වා වර්ධනය වී තිබේ. මෙම ගැටුමෙන් තුවාල ලැබූ එක් මන්ත්‍රීවරයෙකු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇත. පහරදීමට සම්බන්ධ අනෙක් මන්ත්‍රීවරයා මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බව පොලිසිය ප්‍රකාශ කළේය. මහ නගර සභාවේ කටයුතු සම්බන්ධයෙන් ඇති වූ මතභේදයක් මෙම ගැටුමට මුල් වී ඇති බවට සැක කෙරේ.













