රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ දෙවන අදියර අද (10) දිනයෙන් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අප්‍රේල් 10 වනදා සිට අප්‍රේල් 19 වනදා දක්වා පාසල් සඳහා නිවාඩු කාලය ක්‍රියාත්මක වේ.
ඒ අනුව, 2026 වසරේ දෙවන පාසල් වාරය අප්‍රේල් මස 20 වන සඳුදා දින ආරම්භ වීමට නියමිත අතර එය ජූලි මස 24 වනදා දක්වා පැවැත්වෙනු ඇත.













