අමෙරිකාව සහ ඉරානය අතර සාම සාකච්ඡා සඳහා පකිස්ථානය මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කිරීමට සූදානම් වන මොහොතක, පකිස්ථාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසීෆ් (Khawaja Asif) ඊශ්‍රායලය “පිළිකාවක්” සහ “පවිටු රාජ්‍යයක්” ලෙස හැඳින්වීමත් සමඟ දැඩි රාජ්‍යතාන්ත්‍රික අර්බුදයක් හටගෙන තිබේ. ගාසා සහ ඉරාන ගැටුම්වලින් අනතුරුව ඊශ්‍රායලය මේ වන විට ලෙබනනය තුළ ජන සංහාරයක් සිදු කරන බවට ද අමාත්‍යවරයා චෝදනා කළේය.
මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඊශ්‍රායල රජය නිවේදනය කළේ සාම මැදිහත්කරුවෙකු ලෙස පෙනී සිටින රටක වගකිවයුතු අමාත්‍යවරයෙකුගෙන් මෙවැනි ප්‍රකාශ නිකුත් වීම කිසිසේත් පිළිගත නොහැකි බවයි. පකිස්ථානය සාමයේ මධ්‍යස්ථ බේරුම්කරුවෙකු ලෙස පෙනී සිටියද, ඔවුන්ගේ මෙම ක්‍රියාකලාපය යුදෙව් විරෝධී මතවාදයක් පිළිබිඹු කරන බවත්, තම රට විනාශ කිරීමට තැත් කරන ඕනෑම බලවේගයකට එරෙහිව ආරක්ෂා වීමට ඊශ්‍රායලය සූදානම් බවත් විදේශ අමාත්‍ය ගිඩියොන් සාර් (Gideon Sa’ar) අවධාරණය කළේය. හෙට (සෙනසුරාදා) ඉස්ලාමාබාද්හිදී පැවැත්වීමට නියමිත අමෙරිකා-ඉරාන සාකච්ඡාවලට මෙම උණුසුම් තත්ත්වය සෘජු බලපෑමක් එල්ල කරනු ඇතැයි විචාරකයෝ විශ්වාස කරති.














