ඩාර්ට්ස් නියාමන අධිකාරිය (DRA) විසින් කාන්තා ඩාර්ට්ස් තරඟාවලි සඳහා ට්‍රාන්ස්ජෙන්ඩර් කාන්තාවන්ට සහභාගී වීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබේ. වෘත්තීය ඩාර්ට්ස් සංස්ථාව (PDC) පාලනය කරනු ලබන DRA ආයතනය පවසන්නේ, ඔවුන්ගේ නීති මාලාවට අනුව කාන්තා තරඟාවලි සඳහා සුදුසුකම් ලැබිය යුත්තේ “ජීව විද්‍යාත්මක කාන්තාවන්” (Biological females) පමණක් බවයි.
මෙම තීරණය ගනු ලැබුවේ 2025 වසරේ සිට ආරම්භ කරන ලද ලිංගික අනන්‍යතා ප්‍රතිපත්ති පිළිබඳ සමාලෝචනයකින් පසුවය. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සුප්‍රිරි ඩාර්ට්ස් ක්‍රීඩිකා නෝවා-ලින් වෑන් ලුවෙන් (Noa-Lynn van Leuven) පවසා සිටියේ මෙම තීරණය හේතුවෙන් තමන්ට ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට බලකෙරී ඇති බවයි. ඇය 2024 වසරේදී PDC ලෝක ශූරතාවලියට සහභාගී වූ පළමු ට්‍රාන්ස්ජෙන්ඩර් කාන්තාව ලෙස වාර්තා අතරට එක්විය. කෙසේ වෙතත්, ඇයට පිරිමි සහ ගැහැණු යන දෙපාර්ශ්වයටම විවෘත තරඟාවලි සඳහා තවදුරටත් ඉදිරිපත් විය හැකිය.
ඩාර්ට්ස් නියාමන අධිකාරියේ තීරණයට පදනම වී ඇත්තේ ආචාර්ය එමා හිල්ටන් විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවකි. එම වාර්තාවට අනුව පිරිමි ශරීරයක් සතු කුඩා ජීව විද්‍යාත්මක වාසි කිහිපයක් එක් වූ විට ඩාර්ට්ස් ක්‍රීඩාවේදී එය කාන්තාවන්ට වඩා වැඩි වාසියක් අත්කර දෙන බව පෙන්වා දී ඇත. පසුගිය මාසයේදී ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ද 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලේදී ට්‍රාන්ස්ජෙන්ඩර් කාන්තාවන්ට සහභාගී වීම තහනම් කිරීමට තීරණය කළේය.














