මැදපෙරදිග යුද ගැටුම් හමුවේ එල්ල වී ඇති බලශක්ති තර්ජන මධ්‍යයේ ඉන්ධන සැපයුම තහවුරු කර ගැනීම සඳහා ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනී ඇල්බනීස් අද (10) සිංගප්පූරු අගමැති ලෝරන්ස් වොන්ග් හමුවීමට නියමිතය. ඔස්ට්‍රේලියාවට අවශ්‍ය පෙට්‍රල්වලින් 54%කට වැඩි ප්‍රමාණයක් සැපයෙන්නේ ආසියාවේ තෙල් වෙළඳ මධ්‍යස්ථානය වන සිංගප්පූරුවෙනි.
හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර වීමත් සමඟ උද්ගත වූ ඉන්ධන හිඟය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ඉන්ධන පිරවුම්හල් රැසක් මේ වන විට හිස්ව පවතින අතර, ජනතාව කලබලයට පත්ව ඉන්ධන රැස්කිරීම නිසා තත්ත්වය තවදුරටත් උග්‍ර වී ඇත. ඔස්ට්‍රේලියාවේ කෘෂිකාර්මික හා පතල් කැණීම් ක්ෂේත්‍රවලට අවශ්‍ය ඩීසල් සැපයුම ද මේ වන විට අඩාල වී තිබේ.
ඔස්ට්‍රේලියාව විසින් සිංගප්පූරුවේ ද්‍රව ස්වභාවික වායු (LNG) අවශ්‍යතාවයෙන් තුනෙන් එකක් සපයන අතර, සිංගප්පූරුව විසින් ඔස්ට්‍රේලියාවේ පිරිපහදු කළ ඉන්ධන අවශ්‍යතාවයෙන් 26%ක් සපයයි. මෙම අර්බුදකාරී අවස්ථාවේදී දෙරට අතර පවතින උපායමාර්ගික සබඳතාවය තවදුරටත් ශක්තිමත් කර ගැනීම අගමැතිවරයාගේ මෙම සංචාරයේ ප්‍රධාන අරමුණයි.














