ඉරාන යුද්ධය හේතුවෙන් ආර්ථික පසුබෑමකට ලක්ව ඇති රටවලට සහාය වීම සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 20ත් 25ත් අතර හදිසි මූල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණයක් බලමුලු ගැන්වීමට ලෝක බැංකු සමූහය සූදානම් වන බව බ්ලූම්බර්ග් පුවත් සේවය වාර්තා කරයි. ලෝක බැංකු සභාපති අජේ බංගා මහතා උපුටා දක්වමින් මෙම පුවත වාර්තා කර ඇත.
ගැටුම් තවදුරටත් පැවතුනහොත්, සහන කටයුතු සඳහා තවත් ඩොලර් බිලියන 50ත් 60ත් අතර අමතර මූල්‍ය ධාරිතාවක් ලබාගත හැකිදැයි ලෝක බැංකුව මේ වන විට විමර්ශනය කරමින් සිටින බව සභාපතිවරයා බ්ලූම්බර්ග් රූපවාහිනිය වෙත පවසා තිබේ. මෙම සහනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) මගින් ලබා දෙන ආධාරවලට අමතරව ලබා දීමට නියමිතව ඇත.














