ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) ප්‍රධානී ලුතිනන් ජෙනරාල් හර්සි හලෙවි (Herzi Halevi) පවසන්නේ දැනට පවතින සටන් විරාමය ඉරානයට පමණක් අදාළ වන අතර, ලෙබනනය දැනට ඊශ්‍රායලයේ ප්‍රධාන යුධ කලාපය බවයි. ඉරානය සමඟ පවතින සටන් විරාමය ඕනෑම මොහොතක අවසන් කර ඉතා ප්‍රබල ලෙස යළි ප්‍රහාර ආරම්භ කළ හැකි බවට ද ඔහු අනතුරු අඟවා තිබේ.
ලෙබනනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු අවධාරණය කළේ ඊශ්‍රායල හමුදාව ලෙබනනය තුළ තවමත් යුධමය තත්ත්වයක පසුවන බවත්, එහි කිසිදු සටන් විරාමයක් ක්‍රියාත්මක නොවන බවත්ය. ඊශ්‍රායලය සහ ලෙබනනය අතර සෘජු සාකච්ඡා ආරම්භ කිරීමට නෙදන්යාහු නියෝග කර ඇති පසුබිමක හමුදා ප්‍රධානියාගේ මෙම ප්‍රකාශය කලාපීය ආරක්ෂාව පිළිබඳව දැඩි අවධානයක් යොමු කිරීමට හේතු වී ඇත. ඇමරිකාව සහ ඉරානය අතර සටන් විරාමයක් පැවතියද, එය සියලුම පාර්ශවයන්ට එකසේ බල නොපාන බව මෙයින් පැහැදිලි වේ.
මුලාශ්‍රය – Times of Israel / @MarioNawfal














