අද (10) දිනය තුළ බස්නාහිර, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වලට මෙන්ම මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට දැඩි අකුණු අනතුරු ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. අද රාත්‍රී 11.00 දක්වා බලපැවැත්වෙන මෙම නිවේදනයට අනුව දිස්ත්‍රික්ක 13ක් සඳහා ‘රතු’ (Red Alerts) අනතුරු ඇඟවීම් ද, දිස්ත්‍රික්ක 07ක් සඳහා ‘ඇම්බර්’ (Amber Alerts) වර්ණයෙන් යුත් අවදානම් නිවේදන ද නිකුත් කර ඇත.
අද පස්වරු 1.00න් පසුව දිවයිනේ ස්ථාන කිහිපයක ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි සම්භාවිතාවක් පවතින බව කාලගුණ බලධාරීන් පෙන්වා දෙයි. එසේම ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි බැවින්, අකුණු මගින් සිදුවන හානි අවම කර ගැනීමට අවශ්‍ය පූර්ව ආරක්ෂිත පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී. එළිමහනේ රැඳී සිටීමෙන් වැළකී සිටීම සහ විදුලි උපකරණ භාවිතයේදී වඩාත් සැලකිලිමත් වීම මෙහිදී අතිශය වැදගත් වේ.
















