වංචනික ලෙස වාහන ලියාපදිංචි කිරීමේ සිද්ධියකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් අත්අඩංගුවට ගත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් කමල් අමරසිංහ මහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ. සැකකරු අද (10) කුරුණෑගල පිලැස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී, මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ඔහුව ලබන අප්‍රේල් මස 20 වනදා දක්වා යළි රිමාන්ඩ් කරන ලෙසයි.
කැබ් රථයක චැසි අංකයක් (Chassis number) වෙනස් කිරීමට ආධාර අනුබල දීම සහ වංචනික ලියකියවිලි හරහා එම වාහනය ලියාපදිංචි කිරීමට පහසුකම් සැලසීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව බරපතළ චෝදනා එල්ල වී තිබේ. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (RMV) තුළ සිදුවන දූෂණ සහ අක්‍රමිකතා මැඩලීම සඳහා රජය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරම්භ කර ඇති පුළුල් විමර්ශන මාලාවක ප්‍රතිඵලයක් ලෙස මෙම අත්අඩංගුවට ගැනීම සිදු විය. මෙම වංචනික ක්‍රියාවලියට සම්බන්ධ තවත් නිලධාරීන් සහ පුද්ගලයන් සිටීද යන්න පිළිබඳව ආරක්ෂක අංශ මේ වන විට වැඩිදුර පරීක්ෂණ පවත්වයි.














