හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් සිය වත්කම් හා බැරකම් පිළිබඳ දිවුරුම් ප්‍රකාශයක් අද (අප්‍රේල් 10) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත භාර දී තිබේ. සිය වත්කම් ප්‍රකාශය ඉදිරිපත් කරන ලෙස අල්ලස් කොමිසම විසින් ලබා දී තිබූ දින 14ක කාලසීමාව අදින් අවසන් වීමට නියමිතව තිබුණි.
අල්ලස් කොමිසම සඳහන් කරන පරිදි, නියමිත කාලසීමාව තුළ අදාළ දිවුරුම් ප්‍රකාශය ලබා දීමට හිටපු ජනාධිපතිවරයා පියවර ගෙන ඇත. වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ නව නීතිමය ප්‍රතිපාදන යටතේ දේශපාලන අධිකාරිය සිය වත්කම් හෙළිදරව් කිරීමේ ක්‍රියාවලියට අදාළව මෙම පියවර ගෙන තිබේ.














