• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

2024 ජන හා නිවාස සංගණන අවසාන වාර්තාවේ ප්‍රධාන තොරතුරු මෙන්න

10 April 2026
in දේශීය, පුවත්
2024 ජන හා නිවාස  සංගණන අවසාන වාර්තාවේ  ප්‍රධාන තොරතුරු මෙන්න
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ 15 වන ජන හා නිවාස සංගණනය 2024 වසරේදී පවත්වා ඇති අතර, ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් එහි අවසාන වාර්තාව අද (අප්‍රේල් 10) ප්‍රකාශයට පත් කරන ලදී. එම වාර්තාවට අනුව මෙරට ජනගහනය, අධ්‍යාපනය, සෞඛ්‍යය සහ රැකියා ක්ෂේත්‍රවල කැපී පෙනෙන වෙනස්කම් රැසක් සිදුව ඇති බව අනාවරණය වේ.
ශ්‍රී ලංකාවේ මුළු ජනගහනය 21,781,800ක් ලෙස වාර්තා වී ඇති අතර ජනගහන ඝනත්වය වර්ග කිලෝමීටරයකට පුද්ගලයින් 350කි. දිස්ත්‍රික් මට්ටමින් වැඩිම ජනගහනය ගම්පහ දිස්ත්‍රික්කයෙන් (2,436,142) වාර්තා වන අතර අඩුම ජනගහනය මුලතිව් දිස්ත්‍රික්කයෙන් (122,619) වාර්තා වේ. වයස අවුරුදු 60ට වැඩි ජනගහනය 18%ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ළමා ජනගහන ප්‍රතිශතය 20.7%ක් දක්වා අඩු වී තිබේ. මධ්‍යස්ථ වයස අවුරුදු 35 දක්වා ඉහළ ගොස් ඇති අතර, කිසි දිනෙක විවාහ නොවූවන්ගේ ප්‍රතිශතය 41.8%ක් දක්වා සැලකිය යුතු ලෙස වැඩි වී ඇත
සිංහල ජනගහනය මුළු ජනගහනයෙන් 74.12%ක් (16,144,037) ලෙස වාර්තා වන අතර, ශ්‍රී ලංකා දෙමළ 12.31%ක් සහ ශ්‍රී ලංකා මුස්ලිම් ජනගහනය 10.47%ක් ලෙස සඳහන් වේ. ආගමික වශයෙන් බෞද්ධ 69.8%, හින්දු 12.6%, ඉස්ලාම් 10.7%, රෝමානු කතෝලික 5.6% සහ අනෙකුත් ක්‍රිස්තියානි 1.3%ක් ලෙස වාර්තා වී තිබේ.
2012 වසරට වඩා මෙරට අධ්‍යාපන මට්ටම ඉහළ ගොස් ඇති අතර, තෘතියික අධ්‍යාපනය ලැබූවන්ගේ ප්‍රතිශතය 18.2% සිට 26.2% දක්වා ඉහළ ගොස් ඇත. මෙහිදී පුරුෂයින්ට වඩා කාන්තාවන් ඉදිරියෙන් සිටීම විශේෂත්වයකි. ඩිජිටල් සාක්ෂරතාව 67.6%ක් වැනි ඉහළ අගයක් ගන්නා අතර අවුරුදු 15-19 වයස් කාණ්ඩය එහි ඉදිරියෙන්ම සිටියි.
මෙරට මුළු නිවාස සංඛ්‍යාව 6,030,541ක් වන අතර නිවාසවලින් 98%කට ජාතික විදුලිබල පද්ධතිය හරහා විදුලිය ලබා දී ඇත. නිවාස ඒකකවලින් 10.5%ක් තනි පුද්ගල නිවාස ලෙස වාර්තා වන අතර ඉන් බහුතරයක් වයස අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ය (ඉන් 71.3%ක් කාන්තාවන්ය). ගෘහ ඒකකවලින් 93.8%කට ජංගම දුරකථන පහසුකම් පවතින බව ද වාර්තාවේ සඳහන් වේ.
මුළු ජනගහනයෙන් 19.2%ක් බෝ නොවන රෝගවලින් පීඩා විඳින අතර අධි රුධිර පීඩනය සහ දියවැඩියාව ඉන් ප්‍රධාන වේ. ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතය 47.3%ක් වන අතර එහිදී කාන්තා සහභාගීත්වය 28.9%ක් වැනි අවම මට්ටමක පවතී. සමස්ත විරැකියා අනුපාතය 6%ක් ලෙස වාර්තා වන අතර වැඩිම විරැකියාව වාර්තා වන්නේ වයස අවුරුදු 20-24 අතර තරුණ කාණ්ඩයෙනි. මීට අමතරව තාවකාලිකව විදේශගතව සිටින පුද්ගලයින් සංඛ්‍යාව 672,249ක් ලෙස වාර්තා වී ඇත.
Post Views: 3
Previous Post

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහි විශ්වාසභංගය වැඩි ඡන්ද 104කින් පරාජය වෙයි

Next Post

“Healing Sri Lanka” වැඩසටහනට ඕස්ට්‍රේලියාවේ පූර්ණ සහය හිමිවෙයි

Editor TTV News

Editor TTV News

Next Post
“Healing Sri Lanka” වැඩසටහනට  ඕස්ට්‍රේලියාවේ පූර්ණ සහය හිමිවෙයි

“Healing Sri Lanka” වැඩසටහනට ඕස්ට්‍රේලියාවේ පූර්ණ සහය හිමිවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සාකච්ඡා ඇරඹීමට පෙර  කොන්දේසි දෙකක් ඉටු විය යුතු බව  ඉරානය අවධාරණය කරයි

සාකච්ඡා ඇරඹීමට පෙර කොන්දේසි දෙකක් ඉටු විය යුතු බව ඉරානය අවධාරණය කරයි

10 April 2026
උතුරු අරාබි මුහුදේ අනතුරට පත් වූ  නාවිකයන් 18 දෙනෙකු පාකිස්ථානය බේරා ගනී

උතුරු අරාබි මුහුදේ අනතුරට පත් වූ නාවිකයන් 18 දෙනෙකු පාකිස්ථානය බේරා ගනී

10 April 2026
ලෙබනන් සාමය සහතික කිරීමට  ඇමරිකාව පියවර ගත යුතුයි

ලෙබනන් සාමය සහතික කිරීමට ඇමරිකාව පියවර ගත යුතුයි

10 April 2026
කුරුණෑගල වැවිලි සමාගමෙන්  රුපියල් මිලියන 140 ක ප්‍රසාද දීමනා

කුරුණෑගල වැවිලි සමාගමෙන් රුපියල් මිලියන 140 ක ප්‍රසාද දීමනා

10 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සාකච්ඡා ඇරඹීමට පෙර  කොන්දේසි දෙකක් ඉටු විය යුතු බව  ඉරානය අවධාරණය කරයි

සාකච්ඡා ඇරඹීමට පෙර කොන්දේසි දෙකක් ඉටු විය යුතු බව ඉරානය අවධාරණය කරයි

10 April 2026
උතුරු අරාබි මුහුදේ අනතුරට පත් වූ  නාවිකයන් 18 දෙනෙකු පාකිස්ථානය බේරා ගනී

උතුරු අරාබි මුහුදේ අනතුරට පත් වූ නාවිකයන් 18 දෙනෙකු පාකිස්ථානය බේරා ගනී

10 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved