ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක මණ්ඩලය සිය ‘පූර්වාරක්ෂක ශේෂයන්’ (Precautionary Balances) සඳහා වන අවම සීමාව විශේෂ ගැනුම් හිමිකම් (SDR) බිලියන 20 ක් හෙවත් ඇමරිකානු ඩොලර් බිලියන 29 ක මට්ටමේම පවත්වා ගැනීමට එකඟ වී තිබේ. ණය අවදානම් සහ ආදායම් අවදානම්වලින් අරමුදල ආරක්ෂා කර ගැනීම සඳහා මෙම මූල්‍ය ස්වාරක්ෂක (buffer) පවත්වා ගනු ලබයි.
අරමුදලේ මධ්‍යකාලීන ඉලක්කය වන SDR බිලියන 25 ක සීමාවට වඩා වැඩි සංචිත ප්‍රමාණයක් මේ වන විට පවතින බව IMF නිවේදනය කරයි. වොෂින්ටන් නුවර පදනම් කරගත් පර්යේෂණ ආයතනයකට අනුව, පසුගිය ඔක්තෝබර් වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සතුව SDR බිලියන 26 කට අධික (ඩොලර් බිලියන 37 ක් පමණ) පූර්වාරක්ෂක ශේෂයන් පැවතුණි.
මැදපෙරදිග පවතින භූ-දේශපාලනික වාතාවරණය සහ ගෝලීය ආර්ථික වර්ධනයට පවතින බාධාවන් හේතුවෙන් ඉදිරි මූල්‍ය තත්ත්වයන් අවිනිශ්චිත විය හැකි බව අධ්‍යක්ෂ මණ්ඩලය මෙහිදී අනතුරු අඟවා ඇත. එබැවින්, අරමුදල මූල්‍යමය වශයෙන් ශක්තිමත්ව තබා ගැනීම සඳහා ආදායම් වර්ධනය සහ සංචිතවල ප්‍රමාණවත් බව පිළිබඳව නිරන්තර අවධානයෙන් සිටිය යුතු බව ඔවුන් අවධාරණය කරයි.














