OpenAI සමාගම විසින් සිය macOS යෙදුම් (applications) සහතික කිරීම සඳහා භාවිතා කරන ‘Axios’ නැමති තෙවන පාර්ශවීය මෘදුකාංග මෙවලමක ආරක්ෂක දෝෂයක් පවතින බව හඳුනාගෙන තිබේ. කෙසේ වෙතත්, මෙමගින් කිසිදු පරිශීලක දත්තයකට ප්‍රවේශ වී නොමැති බවත්, සමාගමේ බුද්ධිමය දේපළවලට හෝ පද්ධතිවලට හානියක් සිදුව නොමැති බවත් OpenAI සමාගම තහවුරු කරයි.
තම මෘදුකාංගවල විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය පියවර මේ වන විටත් ගනිමින් සිටින බව ChatGPT නිර්මාතෘවරුන් වැඩිදුරටත් සඳහන් කළහ. මෘදුකාංගවල කිසිදු වෙනසක් සිදුවී නොමැති බැවින් පරිශීලකයින්ට සුපුරුදු පරිදි සේවාවන් ලබාගත හැකි බව එම සමාගම අවධාරණය කරයි.














