ළමා සෙල්ලම් බඩු තුළ සූක්ෂ්ම ලෙස මත්ද්‍රව්‍ය සඟවා කුරියර් සේවා (Courier services) හරහා ප්‍රවාහනය කිරීමේ නව ප්‍රවණතාවක් පිළිබඳව පොලිසිය දැඩි අවධානයෙන් පසුවේ. ආරක්ෂක අංශවල පරීක්ෂාවන් මගහැරීම සඳහා ජාවාරම්කරුවන් මෙම ක්‍රමය භාවිතා කරන බව අනාවරණය වී තිබේ.
අම්පාර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් කල්මුණේ, මරදමුන සහ සයින්දමරුතු ප්‍රදේශවල සිදුකළ වැටලීමකදී “අයිස්” (ICE) මත්ද්‍රව්‍ය ග්‍රෑම් 107ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. එහිදී උසස් තත්ත්වයේ මත්ද්‍රව්‍ය ළමා සෙල්ලම් බඩු කිහිපයක් තුළ ඉතා සූක්ෂ්ම ලෙස සඟවා තිබියදී සොයාගැනුණු අතර, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් සහ විද්‍යුත් තරාදියක් ද පොලිස් භාරයට ගෙන තිබේ.














