මෑතකදී දිවයිනට බලපෑ දරුණු “දිට්වා” සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූ ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයින් වෙනුවෙන් රුපියල් මිලියන 26කට අධික වටිනාකමකින් යුත් සුභසාධන වවුචර බෙදාදීමේ වැඩසටහනක් යුද හමුදා මූලස්ථානයේදී පවත්වා තිබේ. උදාවන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් පීඩාවට පත් සෙබළුන්ගේ ආර්ථික මට්ටම ඉහළ නැංවීම මෙහි අරමුණයි.
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයේදී, කුණාටුවෙන් පීඩාවට පත් හමුදා සාමාජිකයින් 1,933 දෙනෙකු වෙත රුපියල් 15,000 බැගින් වූ සුභසාධන වවුචර පිරිනමන ලදී. මෙම ප්‍රතිපාදන යුද හමුදා සුභසාධන අරමුදල මගින් වෙන් කර ඇති අතර ලංකා සතොස සහ CIB ආයතනවල සහයෝගය ද මේ සඳහා ලැබී ඇත.














