සති හයක දරුණු යුද්ධය නිමා කිරීම සඳහා ඇමරිකාව සහ ඉරානය අතර තීරණාත්මක සාකච්ඡා අද (11) පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරදී පැවැත්වීමට නියමිතව තිබුණ ද, ඉරානය විසින් ඉදිරිපත් කළ දැඩි කොන්දේසි හමුවේ එම සාකච්ඡා ආරම්භ කිරීම පිළිබඳ සැකයක් මතු වී තිබේ. ලෙබනනයේ සටන් විරාමයක් ප්‍රකාශ කිරීම සහ පනවා ඇති සම්බාධක ඉවත් කරන ලෙස ඉරානය බලකර සිටියි.
ඇමරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් ඇතුළු දූත පිරිස සාකච්ඡා සඳහා ඉස්ලාමාබාද් වෙත පැමිණෙමින් සිටින අතර, ඉරාන නියෝජිත පිරිස ඊයේ (10) එහි ළඟා වූහ. කෙසේ වෙතත්, ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ ඉරානය සතුව කිසිදු ශක්තිමත් සාධකයක් නොමැති බවත්, සාකච්ඡා කිරීම ඔවුන්ගේ එකම විකල්පය බවත්ය. ලෙබනනයට එල්ල වන ප්‍රහාර මෙහි කොටසක් නොවන බව ඇමරිකාව අවධාරණය කරයි.














