ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සහ ආරච්චිකට්ටුව පොලිසිය එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමකදී හෙරොයින්, අයිස් සහ මත්පෙති ළඟ තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබේ. ඊයේ (10) හලාවත, ආරච්චිකට්ටුව ප්‍රදේශයේදී මෙම වැටලීම සිදු කර ඇත.
ලැබුණු බුද්ධි තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ නිලධාරීන් විසින් සැකකරුවන් සන්තකයේ තිබී පහත දෑ අත්අඩංගුවට ගෙන තිබේ:
හෙරොයින්: ග්‍රෑම් 21යි මිලිග්‍රෑම් 590 යිස් මත්ද්‍රව්‍ය: ග්‍රෑම් 39යි මිලිග්‍රෑම් 320ක්,මත්පෙති තොගයක්,මුදල්: රුපියල් ලක්ෂ දෙකක මුදලක්,මෝටර් රථයක්
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වෙළඳපොළ වටිනාකම රුපියල් ලක්ෂ 13කට අධික බව ගණන් බලා ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ නඩු භාණ්ඩ ඉදිරි විමර්ශන කටයුතු සඳහා ආරච්චිකට්ටුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇති අතර, මත්ද්‍රව්‍ය ජාලය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.














