උදාවීමට නියමිත සිංහල සහ හින්දු අලුත් අවුරුදු උත්සව සමය තුළ ජනතාවගේ ආරක්ෂාව සහ සාමය තහවුරු කිරීම වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යාංශය මගින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත. ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතාගේ උපදෙස් මත ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය සහ බුද්ධි අංශ ඒකාබද්ධව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරයි. දිවයින පුරා පැවැත්වෙන අවුරුදු උත්සව, සංගීත සංදර්ශන සහ ආගමික වැඩසටහන්වල ආරක්ෂාව අධීක්ෂණය කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.
මේ වෙනුවෙන් කොළඹ පොලිස් මූලස්ථානයේ විශේෂ ඒකාබද්ධ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර ඇති අතර, එය ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමක සම්බන්ධීකරණයෙන් යුතුව ක්‍රියාත්මක වේ. සියලුම ආරක්ෂක ආයතන අතර තොරතුරු හුවමාරුව ශක්තිමත් කරමින් ඕනෑම හදිසි අවස්ථාවකදී ඉක්මන් ප්‍රතිචාර දැක්වීමට මෙම මධ්‍යස්ථානය කටයුතු කරනු ඇත. උත්සව සමය සාමකාමීව ගත කිරීමට ආරක්ෂක අංශ වෙත උපරිම සහයෝගය ලබා දෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
මෙම විශේෂ මෙහෙයුම් මැදිරිය සමග සම්බන්ධ වීමට 011-2013051, 011-2027148, 011-2027149 හෝ 011-2430912 යන දුරකථන අංක භාවිතා කළ හැක. එසේම [email protected] යන විද්‍යුත් තැපැල් ලිපිනය ඔස්සේ ද තොරතුරු ලබා දීමට හෝ විමසීම් කිරීමට මහජනතාවට අවස්ථාව සලසා දී ඇත.














