අද (අප්‍රේල් 11) පස්වරු 2.00 න් පමණ පසුව දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අද අලුයම නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව බස්නාහිර, සබරගමුව, වයඹ, දකුණ සහ ඌව පළාත්වල ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනු ඇත. මීට අමතරව අනුරාධපුරය, මන්නාරම, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට ද පස්වරු කාලයේදී හෝ සවස් කාලයේදී වැසි බලාපොරොත්තු විය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණයක් පවතිනු ඇත.
ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.














