වසර 13කට වැඩි කාලයකට පසු ලිබියාවේ පළමු ඒකාබද්ධ රාජ්‍ය අයවැය එරට නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සහ රාජ්‍ය මහා මණ්ඩලය විසින් අනුමත කර තිබේ. ලිබියානු මහ බැංකුව සෙනසුරාදා නිවේදනය කළේ ප්‍රතිදේහී දේශපාලන කණ්ඩායම් දෙකම මෙම අයවැය සඳහා එකඟතාව පළ කර ඇති බවයි. මෙය වසර ගණනාවක් තිස්සේ එරට පැවති මූල්‍ය බෙදීම අවසන් කිරීමටත්, මූල්‍ය ස්ථාවරත්වය ඇති කිරීමටත් තැබූ වැදගත් පියවරක් ලෙස සැලකේ.
ලෝකයේ ප්‍රධානතම තෙල් නිෂ්පාදකයෙකු වන ලිබියාව, පසුගිය දශකයට වැඩි කාලයක් පුරා බටහිර සහ නැගෙනහිර ලෙස පාලන පද්ධතීන් දෙකකට බෙදී පැවතිණි. මෙම බෙදීම හේතුවෙන් මෙතෙක් ඒකාබද්ධ අයවැයක් සකස් කිරීමට නොහැකි වී තිබූ අතර, නව එකඟතාවයත් සමඟ එරට ආර්ථිකයේ නව පුනරුදයක් ඇති වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














