එක්සත් රාජධානියේ පදිංචි ව්‍යවසායකයෙකු සහ වඩ්ඩුකොඩ්ඩෙයි යාපනය විද්‍යාලයේ (Jaffna College) ආදි සිසුවෙකු වන සීවර්ත්නම් මුරේෂ් මහතා, සිය විද්‍යාලය වෙත රුපියල් මිලියන 30ක් වටිනා නවීන ‘Mitsubishi Fuso’ බස් රථයක් පරිත්‍යාග කර තිබේ. එක්සත් රාජධානියේ යාපනය විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ වත්මන් සභාපතිවරයා ද වන ඒ මහතා, මෙම පරිත්‍යාගය සිදු කර ඇත්තේ සිය මියගිය මෑණියන් වන තිරුමලර් මහත්මියගේ ප්‍රථම ගුණානුස්මරණය නිමිත්තෙනි.
පසුගිය පෙබරවාරි 27 වැනිදා විද්‍යාල පරිශ්‍රයේදී පැවති උත්සවයකදී මෙම බස් රථය විද්‍යාලයේ විදුහල්පති රුෂිරා කුලසිංගම් මහතා වෙත නිල වශයෙන් භාර දෙන ලදී. විදේශගතව සිටියද තමන් ඉගෙන ගත් පාසල කෙරෙහි දක්වන මෙම කෘතවේදීත්වය සහ මාතෘ ප්‍රේමය විද්‍යාලයීය ප්‍රජාවගේ දැඩි ඇගයීමට ලක්ව ඇත.














