පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර පැවැත්වෙන ඇමරිකා ඉරාන සාම සාකච්ඡා සඳහා සහභාගී වී සිටින ඉරාන දූත පිරිස වෙත සිය පූර්ණ සහයෝගය ලබා දෙන බව ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් (Masoud Pezeshkian) ප්‍රකාශ කළේය. ඉරාන නියෝජිත කණ්ඩායම සිය රටේ අවශ්‍යතා වෙනුවෙන් “නිර්භීතව සාකච්ඡා කරනු ඇති” බව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.
සිය ජනතාව වෙනුවෙන් සිදු කරන සේවය කිසිදු මොහොතක නතර නොකරන බවත්, මෙම සාකච්ඡාවල ප්‍රතිඵලය කුමක් වුවත් ඉරාන රජය සැමවිටම ජනතාව සමඟ සිටින බවත් පෙසෙෂ්කියන් මහතා එක්ස් (X) සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් අවධාරණය කළේය. දැනට පවතින තාවකාලික සටන් විරාමය හමුවේ මෙම සාකච්ඡා කලාපීය සාමය උදෙසා ඉතා තීරණාත්මක පියවරක් ලෙස සැලකේ.














