නේපාලය තුළ දැනට ක්‍රියාත්මක සෙවුම් සහ මුදාගැනීමේ මෙහෙයුම් සඳහා විදේශීය රටවලින් ලැබෙන සහාය ලබාගැනීමේ ක්ෂණික අවශ්‍යතාවයක් දැනට නැතැයි නේපාල විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
එම අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ලොක් බහාදූර් ඡෙත්‍රි (Lok Bahadur Chhetri) අද (28) මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ, නේපාල ආරක්ෂක අංශ විසින් දැනටමත් සෙවුම් සහ මුදාගැනීමේ කටයුතු සාර්ථකව සිදුකරමින් පවතින බැවින් විදේශීය සෙවුම් කණ්ඩායම්වල සහායක අවශ්‍යතාවයක් නොමැති බවයි. මේ අතර ඉන්දියාව, චීනය, එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය, ජපානය, දකුණු කොරියාව, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය යන රටවල් තම මුදාගැනීමේ කණ්ඩායම් මෙහෙයුම් සඳහා සහභාගී කරවීමට අවසර ඉල්ලා ඇති බව ‘කත්මණ්ඩු පෝස්ට්’ පුවත්පත වාර්තා කරයි. කෙසේවෙතත්, අදාළ මුදාගැනීමේ මෙහෙයුම් නේපාල රජය විසින් අඛණ්ඩව සාර්ථකව කළමනාකරණය කරමින් පවතින බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.














