ශ්‍රී ලංකාවේ හොණ්ඩා (Honda) රථ හිමියන්ට තම රථවල SRS එයාර්බෑග් (Airbag) පද්ධතියේ යාවත්කාලීන කිරීමකට අදාළව දැනට ක්‍රියාත්මක ආරක්ෂිත කැඳවීම (Safety Recall) යටතට ඇතුළත් වන්නේදැයි වහාම පරීක්ෂා කර බලන ලෙස දැනුම් දෙයි.
Civic, CR-V, Accord, Fit/Jazz, City, Insight, Stream, Odyssey, Integra සහ Crossroad ඇතුළු ජනප්‍රිය හොණ්ඩා මාදිලි රැසක නියමිත මොඩල් කේත (Model codes) සහිත වාහන සඳහා මෙම කැඳවීම බලපැවැත්වේ. හොණ්ඩා හි මෙරට එකම බලප්‍රලත් නියෝජිතයා වන ස්ටැෆර්ඩ් මෝටර් සමාගම (Stafford Motor Co. (Pvt) Ltd.) විසින් මෙම යාවත්කාලීන කිරීම් සම්පූර්ණයෙන්ම නොමිලේ සිදුකර දෙන අතර, එම සමාගම මගින් ගෙන්වන ලද හෝ නඩත්තු කරන ලද නොවන වාහන සඳහාද මෙම පහසුකම හිමිවේ. රථයේ චැසි අංකය (Chassis number) භාවිතයෙන් හොණ්ඩා ශ්‍රී ලංකා ආරක්ෂිත කැඳවීම් වෙබ් අඩවිය (Safety recall portal) හරහා තම වාහනය මෙයට ඇතුළත්දැයි පරීක්ෂා කළ හැකිය. හදිසි අනතුරකදී එයාර්බෑග් ක්‍රියාත්මක වීමේදී සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීමට මෙම යාවත්කාලීන කිරීම සිදුකරගැනීම අත්‍යවශ්‍ය බව සමාගම වැඩිදුරටත් අවධාරණය කරයි.













