පුරා වසර 35ක් නෝර්වේ රාජ්‍යයේ සිංහාසනය හෙබවූ පස්වන හැරල්ඩ් රජුගේ (King Harald V) අභාවයෙන් පසුව, ඔහුගේ එකම පුතණුවන් වන 53 හැවිරිදි හාකෝන් කුමරු (Crown Prince Haakon) නෝර්වේ රාජ්‍යයේ නව රජු ලෙස “VIII වන හාකෝන් රජු” (King Haakon VIII) යන නාමයෙන් රාජප්‍රාප්ත වී තිබේ.
යුරෝපයේ වයස්ගතම රාජ්‍ය නායකයා ලෙස සැලකූ 89 වියැති පස්වන හැරල්ඩ් රජු අද (28) උදෑසන අගනුවර පිහිටි ඔස්ලෝ විශ්වවිද්‍යාල රෝහලේදී (Oslo University Hospital) අභාවප්‍රාප්ත විය. රජුගේ අභාවයත් සමඟ සමස්ත නෝර්වේ රාජ්‍යය පුරා ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර ඇති අතර, අවමංගල්‍ය උත්සවය පැවැත්වෙන තෙක් රාජ්‍ය කොඩි අඩකුඹු කර තැබීමට කටයුතු යොදා ඇත. නව රජු ලෙස පත්වූ VIII වන හාකෝන් රජු සිය පියාගෙන් හිස්වූ සිංහාසනය භාරගනිමින්, නෝර්වේ රාජකීය පරම්පරාවේ සාම්ප්‍රදායික තේමා පාඨය වන “සියල්ල නෝර්වේ රාජ්‍යය වෙනුවෙන්” (All for Norway) යන්න සිය ප්‍රධාන තේමාව ලෙස තෝරාගෙන තිබේ.













