යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) ගෙන ඇති ස්ථාවරයට සහ ඒ වෙනුවෙන් ගනු ලබන නීත්‍යානුකූල හා ව්‍යවස්ථානුකූල ක්‍රියාමාර්ග සඳහා සිය පූර්ණ සහයෝගය පළකරන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න සහ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර පෙන්වා දෙන්නේ, අධිකරණයේ ස්වාධීනත්වය, නීතියේ ආධිපත්‍යය සහ ජනතා පරමාධිපත්‍යය ආරක්ෂා කිරීම සමස්ත පුරවැසි සමාජයේම වගකීමක් බවයි. විශේෂයෙන්ම උසස් අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීම සාමාන්‍ය පරිපාලනමය සංශෝධනයක් ලෙස සැලකිය නොහැකි බවත්, එමගින් අධිකරණයේ ස්වාධීනත්වය කෙරෙහි ඇති මහජන විශ්වාසයට බලපෑමක් විය හැකි බවත් එම සංගමය අවධාරණය කරයි. අධිකරණයේ ආයතනික ස්වාධීනත්වය ආරක්ෂා කරමින් ස්වාධීන අධිකරණයක් උදෙසා නීතිඥ සංගමය ගෙන යන වැඩපිළිවෙලට ඉදිරියටත් සහයෝගය ලබාදෙන බව එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.













