අපරික්ෂාකාරී සහ අන්තරාදායක ලෙස රථ වාහන ධාවනය කරන්නන් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නව WhatsApp අංකයක් හඳුන්වා දී තිබේ. ඒ අනුව මින් ඉදිරියට එවැනි රිය ධාවනයන් පිළිබඳ වීඩියෝ දර්ශන 070 47 55 600 යන අංකයට යොමු කළ හැකි අතර මෙම සේවාව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ පැය 24 පුරාම ක්‍රියාත්මක වීමට නියමිතය.
ජනතාව විසින් වීඩියෝ දර්ශන එවීමේදී අදාළ සිදුවීම සිදු වූ දිනය, නිශ්චිත ස්ථානය සහ පොලිස් වසම පැහැදිලිව සඳහන් කළ යුතු බව පොලිසිය අවධාරණය කරයි. විශේෂයෙන්ම උත්සව සමයේ අධිවේගී මාර්ග සහ ප්‍රධාන මාර්ගවල සිදුවන අනතුරු අවම කරගැනීම සඳහා මහජනතාවගෙන් ලැබෙන මෙම තොරතුරු ඉහළ පිටිබලයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත් AI තාක්ෂණය භාවිතා කරමින් සකස් කරන ලද ව්‍යාජ වීඩියෝ දර්ශන ඉදිරිපත් කිරීමෙන් වළකින ලෙස ද පොලිස් මාධ්‍ය කොට්ඨාසය මහජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් සිදු කරයි.
පවතින උත්සව සමයේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීමට සහ වැරදිකරුවන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගැනීමට මෙම වැඩපිළිවෙළ මගින් බලාපොරොත්තු වේ. අන්තරාදායක ලෙස රිය පදවන්නන් පිළිබඳ තොරතුරු එසැණින් ලබා දීමෙන් මාරක රිය අනතුරු වළක්වා ගැනීමට සහය වන ලෙස පොලිසිය වැඩිදුරටත් දන්වා සිටී.














