විදුලි ගාස්තු සංශෝධනය කිරීමේදී ගල්අඟුරු ආනයනය සහ ඒ ආශ්‍රිත ක්‍රියාවලියේදී සිදුවන අතිරේක පිරිවැය පාරිභෝගිකයාගෙන් අය නොකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම ඒකමතිකව තීරණය කර තිබේ. විදුලි ගාස්තු තීරණය කිරීමේදී සලකා බලනු ලබන්නේ විදුලිය උත්පාදනය, සම්ප්‍රේෂණය සහ බෙදාහැරීම සඳහා වැයවන සාධාරණ පිරිවැය පමණක් බව එම කොමිෂන් සභාව අවධාරණය කරයි.
මීට පෙර සිදුකළ ගාස්තු සංශෝධනවලදී ද මෙලෙස ගල්අඟුරු සම්බන්ධ අතිරේක පිරිවැය හෝ වෙනත් සාධාරණ නොවන පිරිවැය අනුමත කර නොමැති බවත්, ඉදිරි සංශෝධනවලදී ද එම ස්ථාවරයේම පසුවන බවත් කොමිසම වැඩිදුරටත් සඳහන් කරයි. මෙම තීරණය හේතුවෙන් ජාත්‍යන්තර වෙළඳපොළේ ගල්අඟුරු මිල වෙනස්වීම් හෝ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ පවතින ගැටලු නිසා ඇතිවන අමතර බර පාරිභෝගිකයා වෙත පැටවීම වැළකෙනු ඇත.














