පොලිස්පතිතුමාගේ උපදෙස් මත දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පොලිසිය විසින් සිදු කරනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මඟින් අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ. කොට්ඨාස මට්ටමින් සියලුම ප්‍රාදේශීය පොලිස් ස්ථාන ආවරණය වන පරිදි සිදුකළ මෙම මෙහෙයුම්වල 2026 අප්‍රේල් 11 වන දිනට අදාළ වාර්තාව මේ වන විට නිකුත් කර ඇත.
එම වාර්තාවට අනුව එදින තුළ පුද්ගලයින් 25,308 දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇති අතර සැකපිට පුද්ගලයින් 637 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඉන් පුද්ගලයින් 16 දෙනෙකු අපරාධ සම්බන්ධයෙන් සෘජුවම හඳුනාගත් අය වේ. මීට අමතරව අධිකරණය මගින් නිකුත් කර තිබූ දින වරෙන්තුකරුවන් 174 දෙනෙකු සහ විවෘත වරෙන්තුකරුවන් 93 දෙනෙකු ද මෙහිදී පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.
මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සිදුකළ මෙහෙයුම්වලදී බීමත් රියදුරන් 162 දෙනෙකු සහ අපරීක්ෂාකාරී ලෙස රිය පැදවූ පුද්ගලයින් 71 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එසේම රථවාහන වැරදි සම්බන්ධයෙන් නඩු 3,789ක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි. දිවයින පුරා මහජන ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් මෙම විශේෂ මෙහෙයුම් තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක වේ.














