වැලිවැකන්ද පොලිස් වසමේ මරදන්කඩවල – තිරුක්කොන්ඩියාමඩු මාර්ගයේ 92 කණුව අසන්නයේදී ඊයේ (11) රාත්‍රී කාලයේ සිදුවූ දරුණු රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මඩකලපුව දෙසට අපරීක්ෂාකාරී ලෙස ධාවනය වූ යතුරුපැදියක්, ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි පුද්ගලික බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු සහ පසුපැදිකරු වැලිවැකන්ද රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලිසිය වාර්තා කරයි.
මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 31 සහ 55 යන වයස්වල පසුවූ වැලිවැකන්ද සහ රත්තොට ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකි. සිද්ධිය සම්බන්ධයෙන් වැලිවැකන්ද පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.














