ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ හෝටල් ජාලයක් වන රැඩිසන් (Radisson Hotels Sri Lanka), සිය මෙහෙයුම් කටයුතු වඩාත් තිරසාර සහ පරිසර හිතකාමී මට්ටමකට ඔසවා තැබීම සඳහා ‘ඉවොලූෂන් ඔටෝ’ ආයතනය සමඟ අත්වැල් බැඳගෙන තිබේ. මෙම සහයෝගීතාවය යටතේ රැඩිසන් හෝටල් පරිශ්‍රයන්හි දෛනික ප්‍රවාහන සහ සැපයුම් කටයුතු සඳහා නවීන විද්‍යුත් වාහන (EV) බලඇණියක් එක් කර ඇත.
මෙම විද්‍යුත් වාහන බලඇණියට වැඩි ධාරිතාවයකින් යුත් King Long විද්‍යුත් වෑන් රථ සහ නාගරික මෙහෙයුම් සඳහා වඩාත් උචිත KYC විද්‍යුත් වෑන් රථ ඇතුළත් වේ. කොළඹ, ගාල්ල සහ මහනුවර යන ප්‍රදේශවල පිහිටි රැඩිසන් හෝටල්වල කාර්ය මණ්ඩල ප්‍රවාහනය, අභ්‍යන්තර සැපයුම් සහ දේපළ මට්ටමේ සංචලනය සඳහා මෙම වාහන මේ වන විටත් සක්‍රීයව යොදවා තිබේ.
මෙම පියවර මඟින් පරිසර දූෂණය අවම කරනවා පමණක් නොව, ඉන්ධන පිරිවැය අඩු කරමින් ව්‍යාපාරික කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට ද රැඩිසන් හෝටල් සමූහය අපේක්ෂා කරයි. විද්‍යුත් වාහන යනු පෞද්ගලික භාවිතයට පමණක් සීමා වූවක් නොවන බවත්, ඒවා මහා පරිමාණ වාණිජ කටයුතු සඳහා ද සාර්ථකව යොදාගත හැකි බවත් මෙම ව්‍යාපෘතිය හරහා තහවුරු වන බව ඉවොලූෂන් ඔටෝ ආයතනය පෙන්වා දෙයි.














