එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) ආරක්ෂක අංශ විසින් ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකදී, ශ්‍රී ලංකාවේ ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘කොණ්ඩ රංජි’ නමැත්තාගේ සමීපතම ගෝලබාලයන් පිරිසක් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. පසුගිය අප්‍රේල් 09 වනදා සිදුවූ මෙම වැටලීමේදී ‘වනාතේ දුමින්ද’ හෙවත් ‘කුඩු දුමින්ද’ ඇතුළු පුද්ගලයන් හත් දෙනෙකු ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පිරිස අතර පහත පුද්ගලයන් වන බවට තොරතුරු අනාවරණය වේ:
– වනාතේ දුමින්ද (කුඩු දුමින්ද)
– අකිල
– චතුරංග පෙරේරා (සුදු)
– කළණ සත්සර
– චනුක පුෂ්පකුමාර (ජොන්ටි)
– චතුර බුද්ධික (සඳුන්)
– අනුරාධ ප්‍රනාන්දු
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බුද්ධි අංශ වෙත ලැබුණු තොරතුරකට අනුව, ඉරාන ජාතිකයෙකු සමඟ සිදුකළ මත්ද්‍රව්‍ය ගනුදෙනුවක් සම්බන්ධයෙන් මෙම වැටලීම සිදුකර ඇත. කොණ්ඩ රංජි නමැති අපරාධකරුගේ සමීපතමයන් රැඳී සිටි නිවස පරීක්ෂා කිරීමේදී මෙම පිරිස මත්ද්‍රව්‍ය සමඟ කොටු වී ඇති බව පැවසේ. මෙතෙක් මෙරට ප්‍රධාන මාධ්‍ය ධාරාවන් හරහා වාර්තා නොවූ මෙම පුවත සම්බන්ධයෙන් ඉදිරියේදී රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් වැඩිදුර විමර්ශන සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.














