සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් ආශිර්වාද ලබා ගැනීමට පැමිණෙන බැතිමතුන් උදෙසා අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි මහා සෑරදුන් වැඳපුදා ගැනීමට හෙට (13) රාත්‍රී කාලය පුරා අවස්ථාව සලසා දී තිබේ. සාමාන්‍යයෙන් රුවන්වැලි මහා සෑ පරිශ්‍රය බැතිමතුන් සඳහා රාත්‍රී 10 වන තෙක් විවෘතව පැවතියද, අලුත් අවුරුදු උදාව නිමිත්තෙන් විශේෂ පියවරක් ලෙස හෙට රාත්‍රී කාලය පුරාම එය විවෘතව තැබීමට තීරණය කර ඇත.
එමෙන්ම, වාර්ෂික චාරිත්‍රයක් ලෙස සිදුකෙරෙන පරණ අවුරුද්ද වෙනුවෙන් කිරි ඉතිරවීමේ මංගල්‍යය අප්‍රේල් 13 වනදා මධ්‍යම රාත්‍රී 12ට මහා සෑ රඳුන් අභියසදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. මෙම සුවිශේෂී ආගමික වතාවත් සඳහා සහභාගී වීමට විශාල බැතිමතුන් පිරිසක් අනුරාධපුර පුදබිමට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.














