හෝමුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව සම්බන්ධයෙන් ජපානය සහ දකුණු කොරියාව වැනි මිත්‍ර රටවල් ප්‍රමාණවත් දායකත්වයක් ලබා නොදෙන බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කර තිබේ. ෆොක්ස් නිව්ස් (Fox News) පුවත් සේවය වාර්තා කරන පරිදි, මෙම රටවල් දෙකම සිය බලශක්ති අවශ්‍යතා සඳහා හෝමුස් සමුද්‍ර සන්ධිය මත දැඩි ලෙස යැපෙන බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
ජපානය සිය අවශ්‍යතාවයෙන් 93%ක් සහ දකුණු කොරියාව 45%කට ආසන්න ප්‍රමාණයක් ඉන්ධන ලබා ගන්නේ මෙම සමුද්‍ර සන්ධිය හරහා වුවද, එහි ආරක්ෂාව තහවුරු කිරීමට එම රටවල් සහාය නොදක්වන බවට ඔහු මෙහිදී තර්ක කර ඇත. ජපානයේ ඇමෙරිකානු සෙබළුන් 45,000ක් සහ දකුණු කොරියාවේ 50,000ක් පමණ රඳවා තබා ගනිමින් තමන් එම රටවල් ආරක්ෂා කරන බවත්, එබැවින් මෙම රටවල්ද කලාපීය ආරක්ෂාව වෙනුවෙන් වැඩි වගකීමක් දැරිය යුතු බවත් ට්‍රම්ප් මහතා වැඩිදුරටත් අවධාරණය කර තිබේ.
තොරතුරු උපුටා ගැනීම: mario nawfal(x) සහ fox news ඇසුරින්














