සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් අප්‍රේල් 11 වැනිදා සිට 14 වැනිදා දක්වා ජලය කප්පාදු නොකිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර තිබේ. උත්සව සමයේදී ජනතාවට මුහුණ දීමට සිදුවන අපහසුතා මගහරවා ගැනීම සඳහා මෙම පියවර ගත් බව එම මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර මහතා ප්‍රකාශ කර ඇත.
කෙසේ වෙතත්, උත්සව සමයෙන් පසුව එනම් ලබන 15 වැනිදායින් පසු ජල සම්පාදනය පවත්වාගෙන යාම පිළිබඳව පවතින තත්ත්වය සමාලෝචනය කර ඉදිරි තීරණ ගන්නා බව මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි. මාස කිහිපයක් පැවති වියළි කාලගුණය හේතුවෙන් ජල මූලාශ්‍ර සිඳී යාම නිසා ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ද බලධාරීන් මීට පෙර ජනතාවගෙන් ඉල්ලා තිබුණි.














