යාපනය, නගර් කෝවිල් වෙරළ ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස රාත්‍රී කාලයේ කිමිදුම් කටයුතුවල නිරත වෙමින් මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයන් හයදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ. නාවික හමුදාව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, අල්ලාගත් මුහුදු කූඩැල්ලන් තොගයක් ගොඩබිමට රැගෙන එමින් සිටියදී මෙම සැකකරුවන් අත්අඩංගුවට පත්ව ඇත.
මෙම වැටලීමේදී මුහුදු කූඩැල්ලන් 939ක්, ඩිංගි යාත්‍රා 2ක් සහ කිමිදුම් උපකරණ ද නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 23ත් 37ත් අතර පසුවන මන්නාරම සහ යාපනය වැල්වැටිතුරයි ප්‍රදේශවල පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත. සැකකරුවන් සහ අත්අඩංගුවට ගත් දේපළ ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමට නාවික හමුදාව පියවර ගෙන තිබේ.














