නඩත්තු කටයුත්තක් හේතුවෙන් නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු බලාගාරයේ පළමු වන ජනන යන්ත්‍රය අද (12) උදෑසන සිට ක්‍රියා විරහිත කර තිබේ. මෙය පෙර සැලසුම් කළ නඩත්තු කටයුත්තක් බව බලාගාර ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 900ක සමස්ත ධාරිතාවක් සපයන මෙම බලාගාරය ප්‍රධාන ජනන යන්ත්‍ර තුනකින් සමන්විත වන අතර, ඉන් එක් යන්ත්‍රයකින් මෙගාවොට් 300ක විදුලිය උත්පාදනය කෙරේ. පළමු ජනන යන්ත්‍රය අක්‍රිය කළ ද, පවතින විදුලි අවශ්‍යතාවය සපුරාලීම සඳහා දෙවන සහ තෙවන ජනන යන්ත්‍ර අඛණ්ඩව ක්‍රියාත්මක කර විදුලිය ජනනය කරන බව බලාගාර ආරංචි මාර්ග තහවුරු කරයි.














