ඉරානයට හමුදාමය වශයෙන් සහාය ලබා දෙන්නේ නම් චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 50% ක දැවැන්ත බදු පැනවීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර තිබේ. හෝමුස් සමුද්‍ර සන්ධිය කේන්ද්‍ර කරගනිමින් පවතින අර්බුදය හමුවේ මෙම ප්‍රකාශය ලෝක ආර්ථිකයට තීරණාත්මක බලපෑමක් එල්ල කරනු ඇතැයි විශ්වාස කෙරේ.
ලෝකයේ සමස්ත තෙල් අවශ්‍යතාවයෙන් 20%ක් ප්‍රවාහනය කෙරෙන හෝමුස් සමුද්‍ර සන්ධිය ඉරානය විසින් අවහිර කර ඇති අතර, එයට අවශ්‍ය මිසයිල කොටස් සහ බුද්ධි තොරතුරු සපයමින් චීනය ඉරානයට සහාය දෙන බවට ඇමෙරිකාව චෝදනා කරයි. අනෙකුත් රටවලට අයත් නෞකා 600කට අධික ප්‍රමාණයක් සමුද්‍ර සන්ධිය හරහා යාමට නොහැකිව සිරවී තිබියදී හෝ එක් නෞකාවකට ඩොලර් මිලියන 2ක බදු මුදලක් ගෙවීමට සිදුව තිබියදී, චීන නෞකා කිසිදු බාධාවකින් තොරව ආරක්ෂිතව ගමන් කිරීම මෙහි ඇති විශේෂත්වයයි. චීනය සහ ඉරානය අතර පවතින මෙම සමීප සබඳතාවය බිඳ දැමීම සඳහා ට්‍රම්ප් පරිපාලනය මෙම දැඩි ආර්ථික ප්‍රහාරය එල්ල කිරීමට සූදානම් වන බව විදේශීය වාර්තා පෙන්වා දෙයි.
තොරතුරු උපුටා ගැනීම: Rerum Novarum සහ mario nawfal(x) ඇසුරින්














