උඩවලව රක්ෂිතය තුළ ඉතා රහසිගතව පවත්වාගෙන ගිය මහා පරිමාණ ගංජා හේනක් වැටලීමට හම්බේගමුව පොලිසිය සහ යුද හමුදාව සමත්ව තිබේ. යුද හමුදා බුද්ධි අංශයට ලැබුණු විශේෂ තොරතුරකට අනුව ඉකුත් 11 වැනිදා මෙම ඒකාබද්ධ මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.
මෙම වැටලීමේදී අඩි 3ක් පමණ උසට වැඩුණු ගංජා ගස් එක්ලක්ෂ පනස්පන්දහසක් (155,000) පමණ සොයාගෙන ඇති අතර, ඒවායේ වෙළඳපොළ වටිනාකම රුපියල් මිලියන 4.5ක් පමණ වන බවට ගණන් බලා තිබේ. වැටලීම සිදුකරන අවස්ථාවේදී එහි සිටි සැකකරුවන් පළා ගොස් ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා හම්බේගමුව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.














