හෝමුස් සමුද්‍ර සන්ධිය වෙත යුද නෞකාවක් ළඟා වීම සටන් විරාමය උල්ලංඝනය කිරීමක් ලෙස සලකන බව ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) දැඩිව ප්‍රකාශ කර තිබේ. යම් හෙයකින් එවැනි උල්ලංඝනය කිරීමක් සිදු වුවහොත්, ඒ සඳහා දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට ද එම බලකාය අනතුරු අඟවා ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
මෙම අනතුරු ඇඟවීම සිදු කර ඇත්තේ හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර කර ඇති බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇති පසුබිමක සහ ඇමෙරිකානු ගුවන් යානා වාහක නෞකා කලාපයට ළඟා වෙමින් පවතින අවස්ථාවක වීම විශේෂත්වයකි. කෙසේ වෙතත්, මෙම තීරණය බලපානු ලබන්නේ යුද නෞකාවලට පමණක් බවත්, සාමාන්‍ය වාණිජ නෞකාවල ගමනාගමනය සඳහා එය බලපෑමක් නොවන බවත් ඉරාන ආරක්ෂක බලකාය වැඩිදුරටත් අවධාරණය කර ඇත.
පවතින සති දෙකක සටන් විරාමය අවසන් වීමත් සමඟ මැදපෙරදිග කලාපයේ යුදමය උණුසුම මෙලෙස තවදුරටත් ඉහළ යමින් පවතී.
තොරතුරු උපුටා ගැනීම: mario nawfal(x) ඇසුරින්














