එළඹෙන අවුරුදු සමයේ සංවිධානය කරනු ලබන විවිධ ක්‍රීඩා උත්සවවලදී සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා විශේෂ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය මගින් නිකුත් කර තිබේ. උත්සව සංවිධානය කිරීමේදී සහ තරගවලට සහභාගී වීමේදී මෙම උපදෙස් පිළිපැදීම අනිවාර්ය බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.
ගම හරහා දිවීම, මැරතන් සහ පාපැදි තරග වැනි ශාරීරික ශක්තිය දැඩි ලෙස වැයවන ඉසව් සඳහා සහභාගී වන තරගකරුවන් අවම වශයෙන් සති 6කට පෙර සිට ක්‍රමවත් පුහුණුවක් ලබා තිබිය යුතුය. මෙහිදී පුහුණුකරුවෙකුගේ මගපෙන්වීම යටතේ සූදානම් වීම වඩාත් යෝග්‍ය බව පෙන්වා දී ඇත.
එසේම, ඕනෑම අවුරුදු උත්සවයක් පවත්වන ස්ථානයක මනාව සන්නද්ධ කරන ලද ප්‍රථමාධාර මධ්‍යස්ථානයක් තිබීම අනිවාර්ය වේ. හදිසි අනතුරකදී හෝ සංකූලතාවකදී වහා ක්‍රියාත්මක විය හැකි පරිදි අවශ්‍ය වෛද්‍ය උපකරණ සහ වෛද්‍ය පහසුකම් එම ස්ථානයේම සපයා ගැනීමට සංවිධායකයින් වගබලා ගත යුතු බව ද අදාළ මාර්ගෝපදේශ මාලාව මගින් වැඩිදුරටත් දක්වා ඇත.














