මීගමුව පොලිස් වසමේ විස්ක්‍රින් මාවත ප්‍රදේශයේදී නීති විරෝධී මත්පැන් තොගයක් සමග සැකකාරියක ඊයේ (අප්‍රේල් 12) අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය. මීගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ විශේෂ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකාරිය සතුව තිබී නීති විරෝධී මත්පැන් ලීටර් 67.5ක් හෙවත් බෝතල් 90ක ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගමුව ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි කාන්තාවකි.
උත්සව සමයේ සිදුවන නීති විරෝධී මත්පැන් ජාවාරම් මැඩපැවැත්වීම සඳහා පොලිසිය දියත් කර ඇති වැඩපිළිවෙළ යටතේ මෙම වැටලීම සිදු කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.














