ඉරානය තවමත් න්‍යෂ්ටික අවියක් නිෂ්පාදනය කිරීමේ අභිලාෂයෙන් පසුවන බවත් ඉස්ලාමාබාද්හි පැවැති සාකච්ඡාවේදී ඔවුන් ඒ බව පැහැදිලි කළ බවත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ. “ඔවුන්ට තවමත් එය අවශ්‍යයි. පසුගිය රාත්‍රියේ ඔවුන් ඒ බව පැහැදිලි කළා. නමුත් ඉරානයට කිසිසේත්ම න්‍යෂ්ටික අවියක් හිමි කර ගැනීමට මම ඉඩ දෙන්නේ නැහැ” යනුවෙන් ජනාධිපතිවරයා අවධාරණය කළේය.
ඉරානය සමඟ පැවැත්වූ සෘජු සාකච්ඡා අසාර්ථක වීමට ප්‍රධානතම හේතුව ටෙහෙරානය සිය න්‍යෂ්ටික වැඩපිළිවෙළ අත්හැරීමට අකමැති වීම බව ට්‍රම්ප් පවසයි. කෙසේ වෙතත් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි මීට පෙර පවසා තිබුණේ දෙපාර්ශවය එකඟතාවයකට ඉතා ආසන්නව සිටියදී ඇමරිකාව විසින් කොන්දේසි වෙනස් කළ බවයි.
මෙම තත්ත්වය හමුවේ දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් බිඳ වැටී ඇති අතර එය කලාපීය ආරක්ෂාවට තර්ජනයක් වී තිබේ. න්‍යෂ්ටික අවි සම්බන්ධයෙන් පවතින මෙම අර්බුදය විසඳා ගැනීමට ජාත්‍යන්තර මැදිහත්වීමක් අවශ්‍ය බව විදේශ විචාරකයෝ පෙන්වා දෙති.














